වාස්තු විද්‍යාව

අතීතයේදී එක්තරා ජන කොට්ඨාසයක් එකම සමාන දුරින් ගැට හතක් දැමූ ලනුවකුත්, එකම සමාන දුරින් ගැට පහක් දැමූ ලනුවකුත් පාවිච්චියට ගෙන අදටත් ප්‍රචලිත අපූරු නිර්මානයකට මුල පිරුවා. ගැට හත යෙදූ ලනුව ගෙන එහි තුන් වන ගැටය පොලවට තද කර එක් අයෙක් අල්ලා ගත්තා. තව දෙදෙනෙක් එල් අකුරේ හැඩයට එන පරිදි අනිත් කෙරවලවල් පොලවට තබා අල්ලා ගත්තා. එක පසකට ගැට 3 කුත් අනික් පසට ගැට 4 කුත් වන මේ එල් අකුරේ පලවන සහ අවසන් ගැට අර ගැට 5 යෙදූ ලනුවෙන් මැන බැලුවා. පසු කලකදී පෛතගරස් ප්‍රමේය නමින් හදුනා ගත්තද පෙර ක්‍රියාව පිරමිඩ් වල මූලාරම්භයයි.

No comments:

Post a Comment